SITE SLOGAN

logo

පුහුණු පාඨමාලා

 අංකය 
පාඨමාලාව

පැවැත්වෙන

මධ්‍යස්ථාන

පාඨමාලා විස්තර
       PDF

    01

රත්න විද්‍යා වෘත්තිය ඩිප්ලෝමාව

  • කොළඹ
  • රත්නපුර

මැණික් හදුනා ගැනිම , අගය නිර්ණය කිරීම , අලෙවිය , ගෙවුඩතාපකරණය ඇතුළුව අගය එක් කිරීමේ ක්‍රමවේදයන් පිළිබද පුළුල් දැනුම, මැණික් නිර්මාණය වන ප්‍රදේශ ඇතුළු නිධි භු විද්‍යාත්මක පිහිටිම , මැණික් හදුනා ගැනිමේ උසස් විශ්ලේශණාත්මක ක්‍රමවේද පිළිබද දැනුම හා සාම්ප්‍රධායික ක්‍රමවේදවල දුර්වලතා හදුන්වාදීම

  Apply Online
Download Application

    02

ස්වර්ණාභරණ නිෂ්පාදනය සහ නිර්මාණ තාක්ෂණය පිළිබද ඩිප්ලෝමාව

  • කොළඹ

මෙම පාඨමාලාව ජාතික වෘත්තිය සුදුසුකම් ( NVQ 5 ) මට්ටම පිරිනැමිම සදහා තෘතියික හා වෘත්තිය අධ්‍යාපන කොමිසන් සභාවෙහි ( TVEC ) ප්‍රමිතින්ට අනුකුලව සකසා ඇත . නවීන තාක්ෂණය අනුසාරයෙන් නවින විද්‍යාගාර තුල පුහුණුවිම් සිදු කෙරේ. ස්වර්ණාභරණ කේෂ්ත්‍රයේ ඉතා කිර්තිමත් වෘත්තිකයන් විසින් න්‍යායික හා ප්‍රායෝගික දේශණ මෙහෙයවනු ලබයි.

  Apply Online
Download Application

    03

රත්න විද්‍යාව

  • කොළඹ
  • රත්නපුර

මැණික් ඛනිජ පොළවේ තැන්පතුත් විමේ ක්‍රියාවලියේ සිට පතල් කැණිම හා ඒ ආශ්‍රිතව රළු මැණික් හදුනා ගැනිම මෙන්ම රසායනාගාර පරිශ්‍රයන් තුලදි උපකරණ භාවිතයෙන් රළු මැණික් මෙන්ම කපා ඔප දැමු මැණික් හදුනා ගැනිමට අදාල න්‍යායික හා ප්‍රායෝගික දැනුම අන්තර්ගත වන අයුරින් මෙම පාඨමාලාව සකස් කොට ඇත

  Apply Online
Download Application

    04

මැණික් වර්ණශ්‍රේණිගත කිරීම හා

අළෙවිකරණය

  • කොළඹ
  • රත්නපුර
  • අවිස්සාවේල්ල

දේශීය හා විදේශීය වෙළෙඳපොළ සඳහා ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුකුලව වන අයුරින් මැණික් ගල් වර්ණ ශ්‍රේණිගත කිරීම සහ මැණික් ගල් තක්සේරු කිරීම පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබා දෙයි

     Apply Online
Download Application

    05

මැණික් කැපීම සහ ඔප දැමීම

  • කොළඹ
  • රත්නපුර
  • මහනුවර
  • අවිස්සාවේල්ල
  • නිවිතිගල
  • නාඋල

සාම්ප්‍රදායික හා නවීන ශිල්පීය ක්‍රම උපයෝගී කර ගනිමින් මැණික් කැපීම හා ඔප දැමීම පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබා දෙයි

    Apply Online
Download Application
    06 ගෙවුඩතාප පිරියම් කිරීම
  • කොළඹ
  • රත්නපුර
  • මහනුවර
  • අවිස්සාවේල්ල
  • නිවිතිගල

සියළුම ගෙවුඩ වර්ගයේ මැණික් ඇතුළු ඛනිජ වර්ග සදහා ඒවායේ වර්ණය හා පැහැදිලිකම වැඩි දියුණු කිරීම සඳහා තාප පිරියම් කිරීම පිළිබඳ පුළුල් විද්‍යාත්මක දැනුමක් ලබා දේ

   Apply Online
Download Application

    07

මැණික් කැටයම් කැපිම

  • රත්නපුර

සර්පන්ටයින්, කැල්සයිට්, කළු තෝරමල්ලි , ෆෙල්ඩ්ස්පාර්, ඇපටයිට්, මයිකා, ක්වාර්ට්ස් වැනි අර්ධ වටිනා ගල් සදහා අගය එකතු කිරීම සහ පබළු භාවිතයෙන් අලංකාර ආභරණ සෑදීමට දැනුම ලබා දෙයි.

   Apply Online
Download Application

    08

ස්වර්ණාභරණ මෝස්තර නිර්මාණය

  • කොළඹ
  • රත්නපුර
  • මහනුවර
  • ගාල්ල

කාලින වශයෙන් ඇති වන විවිද වෙනස්කම් වලට ගැලපෙන අයුරින් සහ දේශිය හා ජාත්‍යන්තර වෙළද පොළ සදහා තරගකාරිත්වයක් ඇති කර විය හැකි අලංකාර ස්වර්ණාභරණ අතින් සැලසුම් කිරීමේ නිපුණතාවය ගොඩනැගීම සඳහා න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබා දෙයි

Apply Online
Download Application
    09 පරිඝණක ආශ්‍රිත ස්වර්ණාභරණ මෝස්තර නිර්මාණය
  • කොළඹ
  • රත්නපුර
  • මහනුවර
  • ගාල්ල

නූතන ස්වර්ණාභරණ කර්මාන්තය සඳහා පරිගණක ආධාරක ස්වර්ණාභරණ නිර්මාණයේ නිපුණතාවය ගොඩනැගීම සඳහා න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම සපයයි

   Apply Online
Download Application
    10 ස්වර්ණාභරණ නිෂ්පාදනය
  • කොළඹ
  • රත්නපුර
  • මහනුවර
  • අවිස්සාවේල්ල
  • යාපනය
  • ගාල්ල
  • අත්තනගල්ල
  • මඩකලපුව

සාම්ප්‍රදායික හා නවීන ස්වර්ණාභරණ නිෂ්පාදන ශිල්පීය ක්‍රමවල නිපුණතා ගොඩනැගීම සඳහා න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබා දෙයි. වෘත්තිමය හෝ ස්වයං රැකියාවන්හි නියුක්ත වීමට අදාල පුර්ණ නිපුණතාවයක් මේ මගින් ලබා දෙනු ලබයි.

   Apply Online
Download Application
    11 ස්වර්ණාභරණ සදහා ගල් බැදීම
  • කොළඹ
  • රත්නපුර
  • මහනුවර
  • ගාල්ල
  • අත්තනගල්ල

ස්වර්ණාභරණ ගල් සැකසුම පිළිබඳ පුළුල් න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුමක් ලබා දෙයි

   Apply Online
Download Application
    12 විලාසිතා ආභරණ නිෂ්පාදනය
  • රත්නපුර
  • අවිස්සාවේල්ල
  • නිවිතිගල
  • යාපනය

මැණික් ඛනිජ , පාෂාණ , පබළු හා ඒ ආශ්‍රිත වෙනත් ද්‍රව්‍ය භාවිතයෙන් විලාසිතා ආභරණ නිෂ්පාදනයේ නිපුණතාවය ගොඩනැගීම සඳහා න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබා දෙයි

   Apply Online
Download Application
    13 වාත්තුකිරීම හා විද්‍යුත් ලෝහාලේපනය
  • කොළඹ

අඩු පිරිවැයකින් සහ කාර්යක්ෂමතාවයකින් යුතුව මහා පරිමාණ ස්වර්ණාභරණ නිෂ්පාදන ක්‍රමවේදයට අදාල වන වාත්තු කිරීම හා විද්‍යුත් ලෝහාලේපනය කිරීමේ නිපුණතාවය ගොඩනැගීම සඳහා

   Apply Online
Download Application
 
You are here  : Home අංශ පුහුණු පුහුණු පාඨමාලා
Support