SITE SLOGAN

logo

මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරී පනතේ 25 (1* වගන්තිය යටතේ වර්ෂ 1995 ජුලි දසදී පිහිටුවන ලදී. එතැන් සිට මෙම ආයතනය මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ප‍්‍රවර්ධනය සහ තිරසාර සංවර්ධනය වෙනුවෙන් පර්යේෂණ සහ පුහුණු සේවාවන් ලබා දීම වෙනුවෙන් ක‍්‍රියාකාරීව නියැලෙමින් සිටී.

වසර ගණනාවක් තුල මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ නියැලී සිටින අනිකුත් පුහුණු ආයතන සමග කටයුතු කිරීමේ අගයන් ගණනාවක් ගොඩනගා ඇත. මෙම අගයන් ආයතනයේ අරමුණු සාක්ෂාත් කර ගැනීමටත් ක්‍ෂේත‍්‍රයේ නිපුණතාවයන් වැඩිදියුණු කිරීමේ විශාල විශ්වාසයක් ගොඩනැගීමටත් උදව් වේ.

  • විශ්වාසය - වසර ගණනාවක් තුල කොටස්කරුවන් සමග කටයුතු කරමින් මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය නිපුණතා පුහුණු ලබාදීමේ ප‍්‍රධානියා වශයෙන් කර්මාන්තයේ විශ්වාසයක් ලබා ගෙන ඇත.
  • විශ්වාසනීය ප‍්‍රතිරූපය - පසුගිය වසර කීපයේදී ආයතනයේ පුහුණු කටයුතු සම්බන්ධයෙන් ඇති වූ ගුණාත්මක වර්ධනය ආයතනය පිළිබඳ විශ්වාසනීය ප‍්‍රතිරූපයක් ඇති කර ඇත.
  • නිපුණතාවය - මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ප‍්‍රමුඛ පුහුණු ආයතනයක් ලෙස ආයතනයේ නිපුණතාවය සංවර්ධනය කර ඇත.
  • විනිවිධභාවය සහ සමානාත්මතාවය - පොදු සහ විනිවිධභාවයකින් යුතු අපක්‍ෂපාතී සේවා සැපයුම ආයතනයේ වටිනා වත්කමක් බවට පත්වී ඇත.
  • කැපවීම - ආයතනය එහි සංවර්ධනය උදෙසා කැපවී සිටින අතර අනාගත අභියෝග සැලකිල්ලට ගණිමින් උසස් ගුණාත්මක සේවාවක් ලබාදීමට කටයුතු කරයි.
  • පාරිභෝගික අවශ්‍යතා ඉටු කිරීම - ආයතනය සම අවස්ථාවන් ලබා දෙන්නෙකු ලෙස සැම විටම ක‍්‍රියා කරයි. ඒ අනුව ආයතනය පාරිභෝගිකයන් හට ඉහල මට්ටමේ නිපුණතාවයක් ලබා ගැනීම වෙනුවෙන් මහත් කැපවීමෙන් කටයුතු කරයි.

 

මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය

ප්‍රධාන විශ්වාසයන් 6 ක් මත කටයුතු කරයි.

  1. මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය වෙත සංයුක්ත ප‍්‍රතිරුපය ගොඩනැගීම සඳහා වන අරමුදල් රැස්කිරීමේ හැකියාව සහ පුහුණු සේවාවන් සඳහා වන ජාලගොඩනැගීම සඳහා ශක්තිය පවතී.
  2. කර්මාන්තය ශක්තිය/දියුණු කිරීමේ හැකියාව අතිවිශාල බව.
  3. හවුල් ව්‍යාපාර හා සම්බන්ධතා මගින් කර්මාන්තය වේගවත්ව වර්ධනය කල හැකි බව.
  4. අපගේ තරුණ ප‍්‍රජාව ලෝකප‍්‍රකට ශීල්පීන් සහ ව්‍යවසායකයින් ලෙස සංවර්ධනය කල හැකි බව.
  5. පුහුණුව ආයතනයට සහ ජාතික ආර්ථිකයට දායකත්වයට අගයක් ලබාදෙයි.
  6. ජාතික ආර්ථිකය ඉහල නැංවීමට ඉවහල් වන නව මැණික් නිධි සොයාගැනීම සඳහා පර්යේෂණ කාර්යයන් දායකත්වයක් ලබාදෙයි.
 
You are here  : Home අප ගැන
Support